දික්කසාද නීතිය

Help Us Spread the Word!

රෝම ලන්දේසි නීතිය පිළිගන්නා වෛවාහක සහන 3 කි පවති. ඒවා නම්

  1. දික්කසාදය/ විවාහයේ වලංගු භාවය විසුරුවා හැරීම (Divorce)
  2. අධිකරණමය වෙන්වීම (Separation)
  3. විවාහ බල රහිත බවට පත් කර ගැනීම (Voidable)

මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය.

දික්කසාදය යනු, විවාහය මුල්කරගෙන උද්ගත වන නොයෙකුත් අයිතිවාසිකම් හා අඹුසැමි සම්බන්ධතාවයන් අධිකරණ තීන්දුවක් මගින් යම් අවස්ථාවන විසුරුවා හැරීමය.

ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ පොදු නීතියෙන් වන අතර මුස්ලිම් සහ උඩරට නීතිය අදාළ වන අයට හැර, අන් සියල්ලම දික්කසාදය සම්බන්ධයෙන් පොදු නීතියට අයත්
වේ.

පොදු නීතිය යටතේ දික්කසාදයට අදාළ නෛතික ප්‍රතිපාදන විග්‍රහ කරන මූලිකව ව්‍යවස්ථා 2 කි.

  1. විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත
  2. සිවිල් නඩු විධාන සංග්‍රහය

දික්කසාදය ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලිකව දැක්වෙන්නේ, 1907 අංක 19 දරණ සමාන්‍යය විවාහ පනතේ 19(02) වන් වගන්තියයි.

එම වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ දික්කසාදය ලබා ගත හැකි වෛවාහක වැරදි 03 ක් දැක්වේ. එනම්

  1. විවාහයට පසුව සිදුවන අනාචාරය
  2. ද්වේෂ සහගත ලෙස අතහැර දැමීම
  3. විවාහය වන සිදුවන අවස්ථාවේ සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය

මෙම ප්‍රධාන අංග තුන ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගත් කල

  1. අනාචාරය

අනාචාරය යනු නිත්‍ය විවාහයක් පවතින පුද්ගලයෙකු නව කාලාත්‍රයා නොවන වෙනත් පුරුෂයෙකු හෝ කාන්තාවක් සමග නීත්‍යානුකූල විවාහයෙන් පිට ලිංගික සංවාසයේ යෙදීමය.

මෙහිදී අනාචාරයට සහභාගිවන අනෙක් පාර්ශවය විවාහක හෝ අවිවාහක විය හැකිය.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 602 වගන්තිය ප්‍රකාරව සෑහීමකට පත්වන තරමට අනාචාරය ඔප්පු වී තිබිය යුතු බවයි.

අනාචාරය ඔප්පු කිරීමේ භාරයට අදාළව අධිකරණයේ තීරණ වල මත භේදයක් පවති.

උදා:- ජයසිංහ V ජයසිංහ නඩුවේදී අධිකරණය තීරණය කරන ලද්දේ අනාචාරය
අපරාධ නඩුවක මෙන් සාදාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු බවය. මෙය ධර්මසේන V නවරත්න නඩුවේද අනුගමනය කරන ලදි.

නමුත් ආලමලම්මාල් V නඩරාජා නඩුවේදී තුලනාත්මක සම්භාවිතා ඔප්පු කිරීමේ ප්‍රමාණවත් බව අභියාචනාධිකරණය තීරණය කළේය.

වර්තමානයේ අනාචාරය පිළිබඳව අධිකරණය මතය වන්නේ සාධාරණ සැකයකින් ඔප්පු කිරීම අනවශ්‍යය බවත්පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අවශ්‍ය බවත්ය අනාචාරය මත පදනම්ව නඩු ගොනු කිරිමේ සම විත්තිකරුවෙකු පෙර විත්තිකාරිය නම් කළ යුතුය ඒ බව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 598 වන වගන්තියේ දැක්වේ.එමෙන්ම සම විත්තිකරුගෙන් හෝ කාරියගෙන්ද වන්දි මුදලක් ඉල්ලා සිටිය හැකිය. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 598 වගන්තිය ප්‍රකාරව

  • විත්තිකරු හෝ විත්තිකාරිය ගණිකා වෘත්තියේ යෙදෙන්නෙකු විට
  • අනාචාරියාගේ නව විස්තර සොයාගත නොහැකි විට.
  • අනාචාරිය මිය ගොස් ඇති විට.

2. ද්වේශ සහගත ලෙස අතහැර යාම

ද්වේශ සහගත ලෙස අතහැර යාම යන අයකු අන්දවී, ස්ථිර ලෙස හා අවසාන වශයෙන් වෛවාහික තත්වයේ යුතුකම් ප්‍රතික්ෂේප කිරීමය.

ද්වේශ සහගත ලෙස අතහැර යාම පිලිබඳව චෝදනා කරනු ලබන පෙත්සම්කරු විසින් කරුණු 02 ක් ඔප්පු කල යුතුය.

  • මානසික අංගය (ද්වේශ සහගත බව)
  • භෞතික අංගය (හැරයාම)

ද්වේශ සහගත ලෙස අතහැර යාම ප්‍රධාන වශයෙන් කොටස් 02 කට බෙදා සාකච්ඡා කල හැකිය.

  • සරල/සෘජු ද්වේශ සහගත ලෙස අතහැර යාම
  • අනුමිත ද්වේශ සහගත ලෙස අතහැර යාම

සෘජු ද්වේශ සහගත හැර යාමකදී ද්වේශ සහගත පාර්ශවකරු වෛවාහක නිවස හැර යන නමුත් අනුමිත ද්වේශ සහගත අතහැර යාමකදී අනෙක් පාර්ශවයේ යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස අහිංසක පාර්ශවය නිවස අතහැර යයි.

ද්වේශ සහගත අතහැර යාම වැඩිබර සාක්ෂි මත ඔප්පු කිරීම ප්‍රමාණවත් වේ විවාහයෙන් එක් පාර්ශවයක් කරා තව වෛවාහක නිවස හැර යාමට චේතනාවක් තිබූ බවට පූර්ව නිගමනයන් ඇත. එවිට නිවස හැර ගිය පුද්ගලයා එම පූර්ව නිගමනය බිඳ හෙලිය යුතුය.

ශ්‍රී ලංකාවේ දික්කසාදය ලබාගතහැකි ප්‍රධාන ආකාරය වන්නේ, ද්වේශ සහගත අතහැර යාමයි.

ද්වේශ සහගත අතහැර යාමට විත්ති වාචක වන්නේ සිහිවිකලත්වය, කෲරත්වය, පාර්ශව කරුවන්ගේ නොගැලපීමය.

3. ලිංගික බෙලහීනතාවය

විවාහ වන අවස්ථාවේදී පවතින ලිංගික බෙලහීනතාවයයි.
මෙය සාමාන්‍ය විවාහ හා දික්කසාද පනතේ 19(02) වගන්තිය ප්‍රකාරව දික්කසාදය ලබා ගත හැකි හේතුවක් වන අතර අපේ නීතියට අනුව ශූන්‍යතා විවාහ තීන්දුවක් ලබා ගත හැකි හේතුවක් ද වේ. එමෙන්ම 19(02) වගන්තිය ප්‍රකාරව විවාහය සිදු වූවාට පසු සිදුවන ලිංගික බෙලහීනතාවය මත දිකකසාදය ලබාගත නොහැකිය.

ඉහත විස්තර කරන ලද ප්‍රධාන අංග තුන යටතේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ දික්කසාදය ලබා ගත හැකිය.

දික්කසාද නඩුවකදී වෛවාහක වරදක් ඔප්පු කිරීම සිදු කල යුතුය. මෙහිදි සාක්ෂි නිතිය අනුව යම් වරදක් සිදු වූ බව ඔප්පු කළ යුත්තේ එසේ කියා සිටින පාර්ශවයයි.

දික්කසාද නඩුවකින් ලබා දිය හැකි දිමානා දෙයාකාරය

  1. නඩු තින්දු තෙක් දික්කසාද දීමනා සිවිල් නඩු විධාන සංග්‍රහයේ 614 වගන්තිය අනුව නඩු තීන්දුව තෙක් දික්කසාද දීමනාවක් ගෙවන තෙක් පාර්ශවකරුවන්ට අණ කල හැකිය.
  2. ස්ථිර දික්කසාද දීමනාව දික්කසාද ආඥාවක් සමග පෙර වෙන්වීමේ ආඥාවක් සමග ස්ථිර දීමනාවක් ගෙවන ලෙස පාර්ශවකරුවෙකුට නියම කිරීමේ හැකියාව අධිකරණයට ඇත ( සිවිල් නඩු විධාන සංග්‍රහයේ 615 වගන්තිය)

මූලාශ්‍රය : කාන්තා පිහිට


Help Us Spread the Word!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *