සයිබර් අපරාධ පිළිබඳ ඔබ දැනුවත්ද?

Help Us Spread the Word!

සයිබර් අපරාධ (Cyber crimes)

සයිබර් සූරාකෑම සහ හිංසනය යනු කුමක්ද? අන්තර්ජාලය හරහා සිදුකරන හිරිහැර සහ දාමරිකකම් අවමාන,තර්ජන වින්දිතයන් බවට පත්කිරීම, කොන් කිරීම, වෙනස්කොට සැලකීම, බලකිරීම යන ඔනෑම ආකාරයකින් චිත්තවේගාත්මක මානසික ශාරීරික හා අධ්‍යාත්මික යහපැවැත්ම අතින් වේදනාවට පත්කිරීම සයිබර් අපරාධ නමින් හැඳින්වේ.

සයිබර් අපරාධ විවිධාකාර වේ

මෙම ක්‍රියාවන් ද්වේශසහගත ලෙස යතුරු ලියනය කිරීම. තමන්ට ලැබුණු ප්‍රේමාන්විත ඡායාරූප යොදාගෙන ඡායාරූපයේ සිටින පුද්ගලයන්ට අවමාන තර්ජන එල්ල කිරීම , බියවැද්දීම. එවැනි ඡායාරූප බෙදාහැරීම. පලිගැනීම සඳහා අසභ්‍ය දර්ශන බෙදාහැරීම. අසභ්‍ය වෙබ් අඩවි වල ප්‍රේමාන්විත ඡායාරූප පලකොට මුදල් අයකර ගැනීම.

සයිබර් අපරාධ සඳහා නීතිය

මේ සඳහා අදාල වන්නේ ශ්‍රීලංකා දණ්ඩනීති සංග්‍රහයට ගෙනඑන ලද 1995 අංක. 22,1998 අංක.29 සහ 2006 අංක.16 දරණ සංශෝධන පනත්ය . ඒ අනුව දණ්ඩනීති සංග්‍රහයේ 286චී ,286 බී සහ 286සී යන වගන්ති සංශෝධනය කරමින් ඊට අදාල නීති සකසා ඇත. මෙයට අමතරව 1927 අංක.4 දරණ අසභ්‍යදර්ශන අණපනත සංශෝධනය කොට 1983 අංක.22 දරණ සංශෝධන මගින්ද මේ සම්බන්ධ නීති ඉදිරිපත් කොට ඇත. එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 360ඊ වගන්තිය මගින් සහ දණ්ඩ නීති සංග්‍රහයේ 372 වගන්තියේ සඳහන් පරිදි අසාධාරණ මුදල් ලබාගැනීම යන වගන්තියද සයිබර් අපරාධ සම්බන්ධ නීතියේ දී යොදාගනු ලැබේ.

සයිබර් අපරාධ වැලැක්වී සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආයතන

මෙහි දීමෙම අපරාධ වැලැක්වීමේදී මූලිකව ක්‍රියාත්මක වන්නේ ජාතික ළමාරක්‍ෂක අධිකාරියයි. වින්දිතයන්ට සහන ලබාදීමේ ක්‍රමයක් ඔවුන් විසින් හදුන්වාදී ඇති අතර ශ්‍රී ලංකා සර්ට් (Cert) ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ආරක්‍ෂිතව හා නුවණැතිව අන්තර්ජාලයේ සැරිසැරීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සයිබර් අපරාධ වලක්වාගැනීමේ වැඩසටහන් දියත් කරයි.

සයිබර් අපරාධ සම්බන්ධ පැමිණිලිකල හැකි ආයතන

කොළඹ-07, බෞද්ධාලෝක මාවත,බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය (BMICH) හි කාමර අංක 04ශ්‍රී ලංකා සර්ට් ආයතනය (Sri Lanka CERT) – දුරකථන අංකඃ 0112 691692

වින්දිතයා ශිෂ්‍යාවක හෝ ශිෂ්‍යයෙකු නම් හෝ ළමයෙකු නම් ජාතික ළමාරක්‍ෂක අධිකාරියට පැමිණිලි කල හැක – දුරකථන අංකඃ 1929

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව , 5 වන මහල, සයිබර් අපරාධ අංශය කොටුව. දුරකථන අංකඃ 0112 422 176 , 0112 320 141 144 dir.cid@police.lk

කාන්තා පිහිට ආයතනය ප්‍රධාන කාර්යාලය, නො.25, ටිකල් පාර, බොරැල්ල, කොළඹ- 8. දුරකථන අංකඃ 2671411, 2671411.

මූලාශ්‍රය: කාන්තා පිහිට


Help Us Spread the Word!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *