සයිබර් හිරිහැර
සයිබර් හිරිහැර
මගේ හිටපු පෙම්වතා මගේ පරණ පින්තූර දාලා මාව බ්ලැක්මේල් කරනවා. මේවා හොඳ පින්තූර නොවේ. එය මගේ දෙමාපියන්ට යවන බවට ඔහු තර්ජනය කරයි. මට මේ සඳහා කුමක් කළ හැකිද?
Yeheli.lk Changed status to publish නොවැම්බර් 17, 2023
							Sorry, you do not have permission to read comments.
ඔබේ හිටපු පෙම්වතා ඔබව බ්ලැක්මේල් කරන්නේ නම්, ඔබ මුලින්ම කළ යුත්තේ ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ පිලිබඳව පැමිණිලි කිරීමයි. ඔබේ පෙම්වතා සොයා ගැනීමට සහ ඔබ මුහුණදී ඇති තත්වය නිවැරදි කිරීමට අවශ්‍ය දේ කරනු ඇත.
බ්ලැක්මේල් කරන්නා ඔබේ පින්තූර බෙදා හැර තිබේ නම්, ඔබට කොටුවේ ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කළ හැකිය. වැඩිදුර නීති උපදෙස් සහ ඔබගත යුතු ක්‍රියා මාර්ග පිලිබඳව උපදෙස් නොමිලයේ ලබාගැනීමට, යෙහෙළි සේවා සහකරුවෙකුවන හිතවතී සේවාව අමතන්න 0114 216 062.
Yeheli.lk Answered question නොවැම්බර් 17, 2023
				Sorry, you do not have permission to read comments.
