යමෙකු ඔබට තර්ජන හා පහරදීම් කරන්නේ නම් කුමක් කළයුතුද?

Help Us Spread the Word!

යමෙකු ඔබට තර්ජනය කරන විට ඔබ බියට හා ආතතියට පත් විය හැක. තර්ජන වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද සහ ඔබව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න දැන ගැනීම වැදගත්ය. ඔබට ගත හැකි පියවර, තර්ජන වාර්තා කරන අකාරය සහ උපකාර ලබා ගැනීම ගැන ඉගෙන ගැනීම යම් දිනක ප්‍රයොර්ජනවත් විය හැකිය.

තර්ජන වර්ග

තර්ජනයක් යනු, යමෙකු ඔබට හෝ ඔබේ දේපළකට හානි කිරීමට අවශ්‍ය බව පැවැසීම එය කරනා ආකාරය පෙන්වීමයි. මේවාට කායික හෝ චිත්තවේගීය හානි, ඔබේ බඩු බාහිරාදියට හානි කිරීම, අපහාස කිරීම, ඔබව බිය ගැන්වීමට උත්සහ කිරීම හෝ අපයෝජනය ඇතුළත් විය හැකිය, විවිධ ආකාරයේ තර්ජන සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට ක්‍රම තිබේ.

  • පුද්ගල තර්ජන – ඔබ අසල සිටින කෙනෙකු තමන්ට හානියක් කිරීමට අවශ්‍ය බව පෙන්වන විට පුද්ගල තර්ජනයක් සිදුවේ.
  • දුරකථන තර්ජන – අමතුමක් මගින් දුරකථන තර්ජන සිදු කරයි. සමහර විට දුරකථනයෙන් කරන තර්ජන “විහිළු ඇමතුම්” විය හැකිය. මෙය යමෙකු විසින් විහිළුවක් කරන අතර තර්ජනය සැබෑ නොවේ. බොහෝ විට ඔබට විශ්වාස නැත්නම් එය සැබෑ ලෙස සැලකීම වඩාත් සුදුසුයි.
  • විද්‍යුත් පණිවිඩ තර්ජන – විද්‍යුත් පණිවිඩ තර්ජන සාමාන්‍යයෙන් ලැබෙන්නේ කෙටි පණිවිඩ, සමාජ මාධ්‍ය හෝ විද්‍යුත් තැපෑල හරහායි.
  • වෛරී තර්ජන – ඔබේ ජාතිය, ආගම, ජාතික සම්භවය හෝ වෙනත් අනන්‍යතාවයන් සමඟ සම්බන්ධ වන තර්ජන වේ.

තර්ජනයකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

ඔබ කළ යුතු දේ රඳා පවතින්නේ තර්ජනයේ වර්ගය සහ තර්ජනය කෙතරම් බරපතල ද යන්න මතය.
ඔබට පුද්ගලිකව තර්ජනය කරන්නේ නම්:

  • ඔබගේ ආරක්ෂාව වඩාත්ම වැදගත් වේ. ඉක්මනින් වටපිට බලා යාමට ආරක්ෂිත ස්ථානයක් සොයා ගන්න. මෙය බොහෝ මිනිසුන් සිටින කාර්යබහුල ස්ථානයක් හෝ ඔබට සැඟවිය හැකි ස්ථානයක් විය හැකිය.
  • සන්සුන්ව සිටින්න, ඔබට තර්ජනය කරන පුද්ගලයාගේ ඇස් දෙක කෙලින් බලා සිටීමෙන් හෝ කතා කිරීමෙන් වළකින්න. බිය වූ බවට නොහඟවා ඉක්මනින් දුවන්න හෝ ආපසු යන්න.
  • ක්ෂණික උපකාර සඳහා 119 අමතන්න.
  • ඔබ අවට සිටින පුද්ගලයන්ගෙන් උපකාර ඉල්ලා සිටින්න.
  • ඔහු ඔබ වෙත එන මාර්ගය අවහිර කිරීමට උත්සහ ගන්න
  • සැඟවී සිටින විට ඔබගේ ජංගම දුරකථනය නිශ්ශබ්ද කර තබා ගන්න. දුරකථනය ගැන අවධානයෙන් සිටින්න.
  • සිද්ධිය පිලිබඳ විස්තර සටහන් කිරීමට උත්සහ කරන්න. එය ආරක්ෂිත නම් ඡායාරූප හෝ වීඩියෝගන්න, හෝ ඔබ අසළ සිටින කෙනෙකුට එසේ කරන ලෙස ඉල්ලා සිටින්න. ඔබට තර්ජනය කරන පුද්ගලයා ඔබ නොදන්නේ නම්, ඔහුගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, උස, බර, හිසකෙස් සහ ඇස්වල වර්ණය, ඇඳුම් පැළඳුම් සහ කැපී පෙනෙන ඕනෑම දෙයක් වැනි, එම පුද්ගලයා හඳුනා ගැනීමට උපකාර වන දේවල් සොයන්න.
  • ඔබේ ජීවිතය ණික අනතුරක ඇතිවිට අවසාන විසඳුම ලෙස පමණක් සටන් කරන්න.
  • නීතිය බලාත්මක කිරීම සඳහා තර්ජනය වාර්තා කරන්න.

ඔබට දුරක්ථනයෙන් හෝ පණිවිඩයක් මගින් තර්ජනය කරන්නේ නම්;

  • සන්සුන්ව සිටින්න සහ දුරකතනය විසන්ධි කරන්න. තර්ජනය කරන පුද්ගලයා පිලිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට උත්සහ කරන්න. තර්ජනය සැබෑ දැයි දැනගැනීමට ඔබට උපකාර කිරීමට ප්‍රශ්න අසන්න.
  • පණිවිඩ, සමාජ මාධ්‍ය පළ කිරීම්, හෝ ඊ මේල් වලට ප්‍රතිචාර නොදක්වන්න.
  • තොරතුරුසුරකින්න. පණිවිඩ තබා දුරකථන අංකයක් හෝඊ මේල් ලිපිනයක් සටහන් කරන්න. සමාජ මාධ්‍යවල තර්ජනවල තිර රුවක් ගන්න. හැකි නම් දුරකථන ඇමැතුමක් පටිගත කරන්න හෝ විශේෂයෙන් පැවැසූ දේ සටහන් කරන්න.
  • නීතිය බලාත්මක කිරීම සඳහා තර්ජන වාර්තා කරන්න.

තර්ජනයක් අත්විඳීමෙන් පසු, මානසික සුවය සඳහා විශ්වාසවන්ත පවුලේ සාමාජිකයෙකු, මිතුරෙකු, ප්‍රජා කණ්ඩායමක් හෝ මානසික සෞඛ්‍ය වෛද්‍යවරයෙකු සමඟ කතා කරන්න.

යමෙකු තර්ජනයකට ගොදුරු වන බව දුටුවහොත්;

  • ඔබ ආරක්ෂිත නම් තර්ජනය කරන්නා සමග කතා කරන්න හෝ එම සිදුවීම පටිගත කරන්න.
  • වින්දිතයා සමඟ කතා කරන්න. උදව් ලබා දෙන්න සහ ඔබට ඔවුන්ට සහය වන්නේ කෙසේදැයි විමසන්න. ඕනෑම පියවරක් ගැනීමට පෙර ඔවුන්ගේ කැමැත්තට සවන් දෙන්න.
  • වින්දිතයා සමඟ පිටත්ව යාමට ඉදිරිපත් වන්න.
  • තර්ජනයෙන් පසු වින්දිතයාට තවදුරටත් සහාය අවශ්‍ය නම් ඔවුන් සමඟ සිටින්න.

සෑම විටම තර්ජනයක් වාර්තා කරන්න උත්සහ කරන්න. එය ඔබ මෙවැනි අපරාධ නැවැත්වීමට කරන සමාජ සේවාවක්වනු ඇත.

මූලාශ්‍රය : කාන්නා පිහිට


Help Us Spread the Word!

மறுமொழியொன்றை இடுங்கள்

உங்கள் மின்னஞ்சல் வௌியிடப்பட மாட்டாது. கட்டாயமான புலங்கள் * ஆக குறிக்கப்பட்டுள்ளன